Pages

Saturday, August 29, 2015

........නුඹේ නොවන නුඹ ගැනම මතකය...........


කියමි කවිමත නුඹ සිටිනා වග
දිවුරා කීවත් නුඹ
අනෙකුයැයි යැයි නුඹ නොවන වග
දනිමි සිත මෙන් මමද
ඇයට පෙර නුඹම සිටි වග

ඉඳහිටක ඇයට ලිවි කවියෙද
කොහිම හෝ නුඹත් හිඳ ඇත
මමද හිතද දනිමි හොදහැටි
ඒ දුකද අරන් ගියේ නුඹ බව

ඉඳහිටක නොව හැම විටක
හෙමිහෙමින් විදුහලට පිය නැගුව නුඹ ගැන
මතකයක් ඇත සිත තුලම ඇවිදින
පන්තියක නුඹ ළඟම උගත බව

නෙතු පියා ගත් මොහොතක
පන්තියක නුඹ උදැසනම
ඇවිද එන හැටි බංකු අතරින්
කිසිවෙකුත් නොව 
මා ඇසිපිය නොහෙලාම බැලුව වග
නුඹගෙ නොව මගේම මොහොතක
මතකයක් නොවෙද?

No comments:

Post a Comment