දැන් ජීවත් වෙන්නේ
පට්ට ගේමක් දීලා
හිත කියන්නෙම
මැරියන් කියලා
ඒත් මොළේ හිත එක්ක සටනක
මට ජිවත් වෙයන්ලු
මම වෙනුවෙන් නොවුනත්
මගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්
ඒත් මං දන්නවා
මගේ මොළේට වඩා
හිත ශක්තිමත් කියලා
දවසක මේ සටනින්
හිත දිනනවා
එදාට මට හිතට ඕනී දේ කරන්න වෙයි
එතකම් මං බලන් ඉන්නවා
මගේ දඩබ්බර හිත
මෙල්ල කරන්න පුළුවන්
කව්රු හරි ආවොත්
සමහරක් ව්ට හැමදේම වෙනස් වෙයි
ඒත් අනේ මන්දා
මේ දඩබ්බර හිත
මූ පට්ට ආඩම්බරයි
හිතේ දේවල් වෙනස් කරන් පුළුවන් කෙනෙක් ගැන දැනුනොත්
එයාට හිත අහලකින්වත් යන්න දෙන්නෑ
මොළේ කවදාවත් දැනන් හිට්යේ නෑ
හිත වෙනස් කරන්න පුළුවන් විදිහ
මොළේ උඹ හින්දා
හිත දවසක අපි තුන්දෙනාවම මරණවා
මැරෙනවාට වඩා හොදයි කොහොමහරි ජීවත් වෙන එක
ReplyDeleteඔය කිව්වට අපි මැරෙන්න බයයිනේ බං
Deleteඅෆ්ෆෙ... හා හා මෙයැයි නොකියා කිවුව දේ :ඩී
ReplyDeleteමදාරටවත් තේරුමි ගියා නම් ඇති කාටවත් තේරුමි නොයයි දෝ කියලා බයෙන් හිට්යේ
Deleteස්තූතියි මේ පැත්තේ ආවාට
වෙලාවකට හරි මොලේ කියන දේ අහපන්
ReplyDeleteසිතෙහි ඇති හැඟිම් පිලිබද ඇති අව්ශ්වාෂය නිසා සිතෙහි සියලු තීන්දු තිරණ මොලයට යවා ඒඩ්ට් කරවා ගන්නා බැවින් අන්තිමට ඉතිරි වන්නේ මොලයෙහි තීරණ යයි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකලන්තයක් වගේ ආව බං මේක කියවලා.... ඔන්න ඔහේ හිතට එන දෙයක් කරපං..හැබැයි අනිත් අයගේ පපුවට දැනෙන විදියට
ReplyDeleteමී ගොඩස් හිතට එන දේ කරොත් කොහොමත් අනිත් අයගේ පපුවට දැනේවී
Deleteස්තූතියි මේ පැත්තට ආවාට
අම්මෝ මෙයාගේ මොලේට හිතෙන එව්වා.හිතුනට කමක් නෑ.ඕව ක්රියාත්මක කරන්ට යන්න එහෙම එපා.
ReplyDeleteමටත් හිතුන U-Turn 1 පැත්තේ ඇවිත් යන්න.ලස්සනයි ඉබේ හිතිච්ච ඒවා.
මොලේ කියන්නේ එකනේ එකට ඕනී හැමවෙලාවෙම මොනවා හරි හිතන්න
Deleteස්තූතීයි ගෙඩාරියක් මේ පැත්තේ ආවාට..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteසේම් ටු යූ රජෝ
Deleteරජාගේ ලින්ක් එහෙකින් ආවේ කවි ටික මරු ඈ
ReplyDeleteස්තුතිය අවතාර් මේ පැත්තට ආවට.........
Deleteජින්ජියටත් හිතෙන දේවල් අම්මප ...
ReplyDeleteමේ ටික කියවලා මොන ***ක්ද මේ කියලා හිතිලා පව්නේ කොල්ලා යැයි සිති බොරුවට “ජින්ජියටත් හිතෙන දේවල් අම්මප ...“ කියලවත් ගියාට තැන්කිව් කිව්වා රොබින්
Deleteමරු!!! අමුතුයි!!! ලස්සනයි සංකල්පය!!
ReplyDeleteනොමැරී ඉන්න බලපන් එතකොටයි වීරයෙක් වෙන්නේ.
ReplyDelete