Pages

Friday, February 22, 2013

...........ඒක පාර්ශවික මතකය.........








තවමත් සිහින දකිමි ඒ අතීතය ගැන. සත්තකට කියා හිමිවූවක් නොවුනත් ඒ අතීතය තුල.
 මගේ යැයි කිව හැකි එක සිතුවිල්ලකි මා ජිවත් කල.
එනමි ආදරයකි, කිසිදින මගේ නොවුන

 සිතුවිල්ලකට පමණක් මගේම උන එක චරිතයක් මතකයි සැබෑවටම මා ආදරය කල.
වර්ෂ ගණනක් අත්විඳි සැබෑ ආදරයකි,
 ඒක පාර්ශ්වික

දෙව් දුවක් නොවේ ඇය වෙන උන්ගේ හීන වල තරමට ලස්සන
 ත‍ලෙළු සමකට ලස්සන සිහින් ඉඟකට හිමිකම් කිව්වට 
උරහිස ළඟට දිග කෙට් කොන්ඩයක් තිබුනට ඒ රූපය හැමදාටම මගේ සිත බැඳගත්ත 
කෙතරම් වෙරදැරුවද ඈ වෙත ලං වන්නට හැමදාමත් ඈ පළවෙනියය මම අන්තිමයාමය

ඇගේ නම කියා මිතුරන් විසුළු කල මොහාතක් ගැන මතකය තවමත් මැවේ මේ නෙත් අභියස. 
ඇගේ නමින් මට මිතුරෙකු අඬගැසුව. කිමද බන් විමසන්නට ක්ෂණයකින් මා පසු පස හැරුණ.
 හදවතේ රිද්මය පරිසරයම නිහඬ කෙරුවා වැනිය.   ඈ මා පසු පස සිට මා දෙසම නෙත් යොමා සිටින.
 ඒ ඇස් තුල තිබුන කුමක්දෝ දිලිසෙන හීනයක් ගැන වර්ෂ ගණනක් මා හීනයක් ලෙස දකිමින් ජිවත් උන

කාලය පියඹයි අපි එහි පාවෙමු නුඹ නුඹ ලෙසද මම මම ලෙසද කිසිදාක ඈත්විමක් නොමැතිව අපි අපේ හීන තුල
තප්පරයකි අප දෙදෙනාටම අයත් නොවුන, නමුත්, නුඹේ උන, මගේ උන, තප්පරයක් ගෙවුවෙමු තම තමන්ගේ කොට
සුළඟට විසිරුනු කෙටි වරලස, ජිවිතයම මඟ නවතන නුඹේ මදහස, නිහඬ පෙමිවතෙකුට මඟ පෙන්වුව
හමුවෙනු නැති, වෙන්වෙනු නැති, සාදාකාලික ආදරයකි වර්ෂ ගණනක දුර ගෙවාගෙන පැමිණෙන